අඹන්පොල නවෝද්‍යා මධ්‍ය මහා විද්‍යාලය
අඹන්පොල නවෝද්‍යා මහා විද්‍යාලය කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹන්පොල ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ අංක 90 අඹන්පොල දකුණ ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ පිහිටියේය.1904 වර්ෂයේ මෙම විදුහල දැනට අඹන්පොල කණිෂ්ඨ විද්‍යාලය පැවති භුමියේ ආරම්භ වී ඇත.කාලානුරූපව වර්ධනය වීමත් සමගම 1963 වර්ෂයේ දී එතෙක් කණිෂ්ඪ විද්‍යාලයක් වශයෙන් පැවති එය මහා විද්‍යාලයක් බවට පත් කරන ලදි.විද්‍යාලයේ සිසුන් වැඩිවිමත් සමග ම ගොඩනැගිලි ඉදි කිරිමට ඉඩමදි වීම ඇතුළු විවිධ හේතුනිසා විද්‍යාලය වෙනත් තැනකට ගෙනයාමට අවධානය යොමු කරන ලදි.ඒ අනුව 1967-09-10 දින වර්තමානයේ පවතින බිමට මහා විද්‍යාලය ගෙන ගිය අතර ප්‍රාථමික අංශය පෙර තිබු ස්ථානයේම ස්ථාපනය කරන ලදි.එවකට මුදල් ඇමතිව සිටි ගරු වන්නිනායක මැතිතුමා මේ සදහා පුරෝගාමි වී ඇත.විදයාලයේ වැඩබලන විදුහල්පති ලෙස නිමල් රත්නායක මහතා එවකට කටයුතු කර ඇ;.සිසුන් 664ක් හා ගුරු මණ්ඩලය 22 කින් මහා විද්‍යාලය නව භූමියේඅරඹා ඇත.
එතැන් සිට 6-13 දක්වා පන්ති මේ පාසල් භූමියේ ද 1-5 දක්වා පන්ති පැරණි පාසල් භුමියේද පවත්වා ගෙන ගියහ.1967 සිට 1991 දක්වා කාලය තුළ මෙමමහා විද්‍යාලය පර්ෂද මුලස්ථ විදුහල බවට පත්වීම,විද්‍යා අධ්‍යාපනය සදහා විද්‍යාගාර පහසුකම් ලැබීම,කෘෂි හා තාක්ෂණික විෂයන් සදහා තාක්ෂණ ඒකක පිහිටුවීම වැනි සංවර්ධනාත්මක පියවර රැසකින් ඉදිරියට ගොස් ඇත.සිසුන් 950 ක් පමණ දක්වාත් ගුරුමණ්ඩලය 40 දක්වාත් වර්ධනය වී තිබේ.1979 වර්ෂයේ සිට අ.පො.ස.(උ.පෙළ) විභාග ප්‍රතිඵලත් ක්‍රමාණුකූලව වර්ධනය වී තිබේ.1963 සිට 1991 දත්වා මහා විද්‍යාලයක් ලෙස පැවති මෙම විදුහල ගරු අධ්‍යාපන ඇමති ලලිත් ඇතුලත් මුදලි මහතා අතින් 1991 .02.16 දින මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත්විය. ඒ සදහා එවකට සිටි විදුහල්පති ඩබ්.ඇම්.රංබණ්ඩා මහතාගේ ශ්‍රේෂ්ඨ කැපවීම ඉවහල් විය.
1967.09.10 දින මෙම විද්‍යලය නව ගොඩනැගිලි සමග මෙම භුමියට ගෙන ආ වැඩ බලන විදුහල්පති නිමල් රත්නායක මහතාගේ සිට මේ දක්වා විදුහල්පතිවරු රැසක් මෙහි සේවය කර ඇත.1968.01.05.සිට 1968.06.15 දක්වා ඩබ්.පි.සේනාරත්න මහතා ද 1968.06.15 සිට 1970.08.15 දක්වා ඩබ්.ඒ.වීරසුරිය මහතා ද 1970.08.07සිට 1977.09.19 දක්වා බණ්ඩාරනායක මහතා ද 1977.09.19 සිට 1978.03.13 දක්වා ඊ.ඇම්.ඩබ්.ඒකනායක මහතා ද 1978.03.13 සිට 1979.03.09 දක්වා ආර්.බී.බලල්ල මහතා ද 1979.03.09 සිට 1979.05.01 දක්වා එච්.එම්.එම්.හේරත් මහතා ද 1979.05.01 සිට 1984.08.28 දක්වා එච්.එම්.එම්.බී.අමුණුගම මහතා ද 1984.08.28 සිට 1993.02.10.දක්වා විශ්‍රාම යන තෙක් ඩී.එම්.රංබණ්ඩා මහතා ද 1993.02.24 සිට 1995.05.18 දක්වා ආර්.ඒ.පියතිලක මහතා ද 1995.05.18 සිට 2000.04.25 දක්වා ටි.එම්.කේ.බී.තෙන්නකෝන් මහතා ද 2000.04.25 සිට 2003.07.17 දක්වා ඒ.එම්.ජිනදාස මහතා ද 2003.07.17 සිට 2003.10.23 දක්වා වැඩබලන නියෝජ්‍ය විදුහල්පතිවරු කීපදෙනෙක් ද 2003.10.23.සිට 2006.04.01 දක්වා විශ්‍රාම යනතෙක් ආර්.එම්.පී .රාජපක්ෂ මහතා ද 2006.04.02 සිට 2006.06.05 දක්වා ආර්.එම්.පී.බාලසූරිය මයා ද විදුහල්පති ලෙස සේවය කර ඇත.2006.06.05දින සිට 2012.06.05 දක්වා ආර්.එම්.එච්.බී.රාජපක්ෂ මයාද සේවය කර ඇත. 2012.06.06 දින සිට 2017.11.24 දක්වා වර්තමාන විදුහල්පති ඊ.ඩි.සුනිල් ජයසේකර මහතා ද සේවය කර ඇත. මේ වන විට විදුහල්පති වශයෙන් සේවය කරන ජේ.එස්.ඉද්දමල්ගොඩ මහතා ද ඔහුට සහය දෙමින් නියෝජ්‍ය විදුහල්පතිනි ආර්.එම්.සී.රත්නායක මිය හා නියෝජ්‍ය විදුහල්පතිනි ඕ.එච්.එස් දමයන්ති මිය, නියෝජ්‍ය විදුහල්පති ඩභ්.එම් ලීලානන්ද මහතා ද පාසලට ඉමහත් සේවාවක් ඉටු කරයි.
වසර 48 ක් පමණ ඉතිහාසයකට උරුමකම් කියන මෙම විදුහල ද්වීතීයික පාසල් දහසක් ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහනට ඇතුළත්ව තාක්ෂණ විද්‍යාගාරය ඇතුළු සම්පත් රැසකින් පොහොසත් වූ අතර වත්මන් රජය යටතේ ක්‍රියාත්මක වන ළඟම පාසල හොඳම පාසල වැඩසටහනට අදාලව අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රධානතම ද්වීතීයික පාසල ලෙස 2016-2020 සිව් අවුරුදු වැඩසටහන යටතේ පාසලටඅවශ්‍ය සියළු සම්පත් ලබා දෙමින් සංවර්ධනය කිරීමට තෝරා ගෙන ඇත. මේ ප්‍රදේශයේ අසරණ දරුවන් ලද විශාල භාග්‍යයකි.
සිසුන්ගේ දැනුම ,කුසලතා,ආකල්ප සංවර්ධනය කරමින් අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරිමට අරමුණු කරගෙන විවිධ වැඩසටහන් පාසල තුළ ක්‍රියාත්මක කරමින් තිබේ.විෂය මාලාවේ ඉගෙනුම් ඉගැනිවීම් ක්‍රියාවලියට අමතරව විෂය භාහිර හා විෂය සමගාමි වැඩසටහන් රැසක් පාසල තුළ මේ වන විට ක්‍රියාත්මක විම ආරම්භ වී තිබේ.ඒ අනුව ඉදිරි වසර කීපය තුළ මෙම විදුහල අඹන්පොල ප්‍රාදේශිය ලේකම් කොට්ඪාශයේ ප්‍රධානම විදුහල ලෙස අංග සම්පුර්ණ විදුහලක් ලෙස පත්වී ගුණ නැණ බෙලෙන් යුතු දරුවන් පිරිසක් මව් බිමට දායාද කරන්නට හැකිවනු ඇත යන්න අපගේ බලවත් විශ්වාසයයි.





